2009 වසරේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඒ අනුව, ලබන 21 වනදා දක්වා මොවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද(07) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලිසියට නියම කළේය.
2009 වසරේ කොටහේන සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.