උතුර හා නැඟෙනහිර ප්‍රදීපාගාර හයක ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද(9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
සාම්පූර්, පුන්කුඩුතිව් ප්‍රදීපාගර අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බවද පේදුරුතුඩුව, කෝකිලායි, මඩකළපුව ප්‍රදීපාගාර ප්‍රතිසංස්කාරණය කටයුතු සිදු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වසර අවසන්වීමට පෙර ප්‍රදීපාගාර ප්‍රතිසංස්කරණ සිදු කර අවසන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.