මහින්දට පූර්ණ සහයෝගය දෙන බව බැසිල් කියයි

Share

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

කළුතරදී ඊයේ (09) පස්වරුවේ පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 07 දිනට පෙර පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කොට දෙසැම්බර් 09 වන දින රටේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලබන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණය හමුමේ එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් සූදානම් බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

 

Read more

Local News