විශාල වගකීමක් ගැන මහින්ද කියයි

Share

දිනෙන් දින පිරිහෙමින් පවතින රට නිසි  මාර්ගයට යොමු කිරීම සඳහා සෑම පාර්ශවටයකටම විශාල වගකීමක් පැවරී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාතර, පොල්හේන පූර්වාරාම විහාරස්ථානයේ පැවති ගාලු මාතර හම්බන්තොට තෙපලාතේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටකවේදී පූජ්‍ය බද්දේගම කුසල නායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය භාර දීමේ අව්ස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

මෙම පුණ්‍ය උත්සවයේ ප්‍රධානත්වය මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රි විජිතසිරි හිමිපාණන් විසින් දරනු ලැබු අතර එහිදී අනුශාසනාවක් සිදු කළ අනුනායක ස්වාමීන් වහන්සේ විසිනි.

මෙහිදී වැඩිදුරටත් අදහසු දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි

Read more

Local News