ඉන්ධන මිල සංශෝධනය වෙන හැට් මෙන්න

Share

ඉන්ධන මිල සුත්‍රයට අනුව සෑම මසකම 10 වන දින සිදුවන මිල සංශෝධනය ඊයේ (11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම මස 10 වන දින සති අන්ත නිවාඩු දිනයක් වූ බැවින් ඊයේ දිනයේදී මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණ ද එම මිල සංශෝධනය සිදුනොවු බවයි.

කෙසේවෙතත් මිල සංශෝධනය සිදුකරන දිනය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල ගණන් අනුව ඉන්ධන මිල සුත්‍රය මඟින් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවෙයි.

පසුගිය පෙබරවාරි මස පළමු වන දින සිට ලෝක වෙළෙදපලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බැවින් මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි වැඩි වීමක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මස 11 වන දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය සිදුවූණි.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමනු ලැබුවේය.

Read more

Local News