මහා පරිමාණ වංචාවලට 2018දී නඩු නෑ

Share

අල්ලස් කොමිසම විසින් අවසන් කර ඇති විමර්ශන කිහිපයකට අදාළව නඩු ගොනු කිරිමට දේශපාලන හස්තයක් ඉඩ ලබා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරිය ඉවත් කිරිම පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දක්වා කරුණු පැහැදිලි නොකළ බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අල්ලස් කොමිසමට මුදල් වෙන්කිරිම යුක්ති සහගතදැයි ඔහු විමසා සිටියේය. අල්ලස් කොමිසම නඩු දමා ඇත්තේ පහළ නිලධාරීන්ට බවත් මහා පරිමාණ වංචාවලට සම්බන්ධ කිසිවෙකුට 2018දී නඩු ගොනු කරන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News