මෝටර් රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට

Share

මාතර, පඹුරණ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද(13) උදෑසන අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් එම රථයේ ගමන් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි ගමන් ගත් ළමුන් දෙදෙනෙක් බරපතළ තුවාල රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙයි.

ගාල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News