නිවසක කුස්සියේ කසිප්පු පෙරූ කාන්තාවක් අත්අඩංගුවට

Share

නිවසක කුස්සියේ ඉතා සූක්ෂම ලෙස කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තිස් හයේ කනුව ප්‍රදේශයේ දී කුඩාඔය පොලිසිය සිදු කල හදිසි වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම කාන්තාව සිය අනියම් සැමියා එම නිවසේ කුලී පදනම ජීවත් වී ඇති අතර ඇයගේ අනියම් සැමියා විශ්‍රාමික යුද හමුදා සෙබෙළෙක් බව පොලිසිය පවසයි.

එම නිවස තුල ඉතා සූක්ෂම ලෙස මෙම කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර වැටලීම සිදු කර එම ස්ථානයේ තිබු කසිප්පු පෙරීම් උපකරණ, ගෝඩා සහ කසිප්පු තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වයස අවුරුදු 51ක තැනැත්තියක් වන අතර අද (14) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ විමර්ශන කුඩාඔය පොලිසිය සිදු කරයි.

Read more

Local News