වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඇ.ඩො. මිලියන 5ක ආයෝජනයක්

Share

ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට පසුගිය වසර ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ආයෝජනය කොට ඇති බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙනි.

වැවිලි බෝග ක්ෂේත්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල සාර්ථකත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා එම අරමුදල් උපසභාපති ඩොනල්ඩ් බ්‍රවුන්, එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ නීගල් බ්‍රෙට් සහ අරමුදල් ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ආචාර්ය ටාරෙක් කොටබ් යන මහත්වරු සමඟ ඊයේ(13) සාකච්ඡාවක් පැවැත්වීය.

Read more

Local News