බන්දුල කියන ආර්ථික අපගමනය මෙන්න

Share

තමන් රචනා කළ ‘ආර්ථික අපගමනය’ නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ “කෑමට පසු නින්දට පෙර පොත කියවා අදහස් ප්‍රකාශ කරන්න” යැයි ඔහු සඳහන් කළේය.

එසේම 2015 වසරෙන් පසුව ජාතික විධායක සභාව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැරදි තොරතුරු ලබාදි ඇති  බවත් ඔහු ප්‍රකාශ කළේය.

2001දී සෘණ ආර්ථිකයක් ධන තත්ත්වයට පත්කිරිමට එවකට අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව විසින් ලබාගන්නා අධික පොලි ණය 2029 දී හා 2030 දී ශ්‍රී ලංකාවට විශාල ණය බරක් දැරීමට සිදුවන බවත් ණය උඟුලකට හසුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News