දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කරගත හැකි ප්‍රතිපත්තියක් මෙන්න

Share

විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේදී දේශීය ව්‍යවසායකයා ද ආරක්ෂා කරගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළයුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.

විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වන්නේනම් එම ආයෝජකයන් විසින් අපේ රටට විදෙස් විනිමය උපයා දීම හා යම් රැකියා ප්‍රමාණයක් උත්පාදනය සිදුකළ යුතු අතර ඔවුන්ගේ තාක්ෂණය අප රටට ගැළපෙන ලෙස මාරු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

බදුල්ලේ ඊයේ (17) පැවති එළිය සම්මන්ත්‍රණයේදී ඒ මහතා මෙම අදහස් පළ කළ අතර එයට විද්වතුන් රැසක්ද එක්ව සිටියේය.

Read more

Local News