කිරිපිටි සඟවා තබාගෙන සිටින බවට පැමිණිලි

Share

පිටි කිරි හිඟයක් පෙන්වීමට ඇතැම් වෙළෙඳසැල් හිමියන් පිටිකිරි සඟවා තබාගෙන සිටින බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, මෙම මෙහෙයුම්වලදී වැඩිමිලට පිටිකිරි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කරයි.

එලෙස සිදු කළ වැටලීමකදී දේශීය පිටිකිරි සන්තකයේ තබාගෙන අලෙවි කිරීමෙන් වැළකී සිටි ව්‍යාපාරිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී පිටිකිරි සමග අත්අඩංගුවටගත් බවත්, ඔහු බැඳුම්කරයක් මත මුදාහැරි බවත් එම ඒකකය පැවසීය.

එසේම සැකකරු මේ මස 21 වැනිදා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය පිටිකිරි හිඟයක් තිබෙන බව පවසමින් පිටිකිරි අලෙවි කිරීමෙන් වැළකී සිටින බවට වාර්තාවන බවද විශේෂ වැටලීම් ඒකකය පැවසීය.

මේ නිසා වෙළෙඳපොළ සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බවදපාරිභෝගික කටයුතු අධිකාරියේවිශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේය.`

Read more

Local News