Tuesday, March 19, 2024.

මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න සිංගප්පූරුවෙන් සහයක් නෑ

Share

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමිනි.

අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියේය

Read more

Local News