සුරතල් බලුපැටවුන්ටත් AC මංදිරයක් හැදූ පුංචිම කෝටිපතිනිය

Share

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ බාලම සොහොයුරිය වන 21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ද ඉක්මවයි. ඒ අනුව කයිලි ජෙනර් මෙවර ෆෝබ්ස් සඟරාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩනැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස නම්කර ඇත. මේ ලාබාල කෝටිපතිනිය උපයන තරමටම අත දිගහැර වියදම් කරන නවීන පන්නයේ විලාසිතාකාරියක ලෙස සුප්‍රකටය. ඒ වියදම් කිරීම කොතරම් අරුමෝසම්ද යත් ඇගේ සුරතල් බලු පැටවුන් වෙනුවෙන්ම පමණක් සැලසුම්කර තැනූ වායු සමනය කළ බලු මන්දිරයක් ඉදිකිරීමටද ඇය කටයුතු කර තිබේ.

නියම අමෙරිකානු පන්නයේ ජීවන විලාසිතාවක් අනුගමනය කරන කයිලි ජෙනර් සුදු වැටකින් වෙන්කළ සාමාන්‍යයෙන් මිනිසුන්ට පවා ජීවත් විය හැකි ප්‍රමාණයේ නිවසක් සිය සුරතලුන්ට තනාදී තිබේ.

ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වැනි සමාජ ජාල ඔස්සේ හොඳ රසික එකතුවක් පවත්වාගන යන නිසා ඇයගේ බලු මන්දිරයද අපූරු ප්‍රතිචාර ලබා තිබුණි. එක් අයෙක් අසා තිබුණේ “කයිලිගේ බලු නිවස මගේ ගෙටත් වඩා හොඳ වුණේ කොහොමද?” කියාය. ඇත්ත කතාවත් එයයි. ඇගේ බලු නිවස සාමාන්‍ය ඇමෙරිකානුවකුගේ නිවසකටත් වඩා සුඛෝපභෝගී නිවසකි. නිතර ඈ සමඟ දක්නට ලැබෙන සොෆියා, බැම්බි සහ නොර්මන් ඉතාලියානු ග්‍රේ හවුන්ඩ් බලු සුරතලුන්ට අමතරව තවත් බලු පැටවුන් රැසක් මෙන්ම කුකුළන් සමඟ හා පැටවෙක් සඳහාද මේ නිවෙස වෙන්කර ඇත. අලුතෙන්ම මේ නිවසට ආ පදිංචිකාරයා රොලී නම් වූ වර්ණ තුනක් සහිත ඉංග්ලීෂ් බුල්ඩෝග් පැටවාය. මේ බලු පැටවා මිලට ගන්නට පමණක් කයිලි රුපියල් 89,22,250.00ක් වැයකර තිබේ.

 

Read more

Local News