කසිප්පු ස්කාගාරයක් වටලයි – 2ක් කාෙටු වෙයි

Share

ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙණිය ගෝගවල රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා තිබේ.

මෙම වැටලීමේ දී සැකකරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ඊයේ(19) පස්වරුවේ සමත් වි ඇත.

එම රක්ෂිතය තුළ කාලයක් තිස්සේ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර මෙම වැටලිමේදි කසිප්පු පෙරිමට යොදාගත් උපකරණ රැසක්, කසිප්පු මිලිලිටර් 2000ක්, ගොඩා මිලිලිටර් 45000ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔහුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි මෙමම වැටලිම සිදු කළ නිලධාරින් කියා සිටියේ.

Read more

Local News