විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම පහළට

Share

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වන විට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බවය.

මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට හෙට සිට පරික්ෂණ මට්ටමින් කෘත්‍රිම වැසි ඇති කිරිම නියමිතය.

තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් ඒ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් පසුගිය වසරේ සිදු කර තිබුණි.

Read more

Local News