Tuesday, March 19, 2024.

වෑන් රියක ගැටී තිදෙනෙක්ට බරපතල තුවාල

Share

හැටන් කලාප අධ්‍යපන කාර්යයාලයේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි අයෙකු යට වි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද(22) උදැසන 8.15 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයට සහ හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙත පිවිසෙන මාර්ගයේදි ය.

ශාරිරික අභ්‍යාස ගුරුවරයා රාජකාරි කටයුත්තක් සඳහා කලාප කාර්යයාලයට ගොස් ආපසු හැටන් දක්වා සිය වෑන් රථය ධාවනය කිරිමේදි තම දරුවන් පාසලට හැර ආපසු නිවස කරා යමින් සිටි කාන්තාවන් දෙදෙනා සහ පිරිමි අයෙක් වෑන් රථයට යට වි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

වෑන් රථය ශ්‍රි පාද විද්‍යාලය දක්වා ධාවනය වු යතුරුපැදියකද ගැටි ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරත් සමඟ ශ්‍රි පාද විද්‍යාලයට තම දරුවන් රැගෙන පැමිණි දෙමාපියන් නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් කියා සිටියේ පාසල ආරම්භ වන තෙක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය නතර කිරිමට පොලිසිය පියවර ගත යුතු බවයි.

අනතුර සිදු කළ ගුරුවරයා සැකපිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වි ඇති බවද අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසිය.

Read more

Local News