කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් කොටුවෙයි

Share

කෙසෙල්වත්ත පොලිස් වසමේ සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 7ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස 39 හැවිරිදි අයෙකි.

සැකකරු අද(23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු කෙසෙල්වත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read more

Local News