පොලීසියේ 18කට ස්ථාන මාරුවීම්

Share

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අයි.එම්.එස්. යටවර, පී.එස්.ඩී දයානන්ද, ආර්.එල්.කොඩිතුවක්කු, ආර්.එම්.එන්. පෙරේරා, ඒ.ඒච්.එම් අලහකෝන්, කේ.එන්. වෙදසිංහ, වී.ජී.ඩී. කරුණාරත්න, ජේ.ඒ. පෙරේරා, එච්.එච්.චූලසිරි, ජී.ජයසූරිය, එස්. ඒ. අබේවික්‍රම, එල්.ඩබ්ලිව්.පී. සිරිවර්ධන, ඩබ්ලිව්.කේ ද සිල්වා, ඩී.ආර්.එල්.රණවීර සහ එම්.ඩී.ආර් දමින්ද යන මහත්වරුන්ට ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම ජී.එන්.ද සොයිසා, ඩී.වී.පී අජිත් හේසිරි සහ ඩබ්ලිව්.එස්.පී ද සිල්වා යන පොලිස් අධිකාරීවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

Read more

Local News