ජනාධිපතිවරණයට තමන් සූදානම් බව ගෝඨා කියයි

Share

ඉදිරි ජනාධිපතිවරණයට තමන් සූදානම් බවත්, විදෙස් පුරවැසිභාවය ඉවත්කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ විධායක මණ්ඩල නියෝජිතයින් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමඟ සාකච්ඡාවක නිරත විය.

මේ අතර එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ඊයේ (23) සවස කොටිකාවත්තේදී පැවැත් විය.

Read more

Local News