අයවැය තුන්වන වර කියවීමේ 10 වන දිනය අද

Share

අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන්නේ දස වැනි දිනටයි.

අද දින අමාත්‍යාංශ දෙකක විවදය සිදු කරන අතර ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙයි.

එහිදී අදහස් දක්වමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.

“සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. මකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ආරම්භ වෙනවා. මඟීන් ගෙන යන නවීන බස් රථ සේවාවක් අවශ්‍යයි. බස් සීග්‍රගාමී සේවාවක් ඇති කිරීමත් සැහැල්ලු දුම්රිය සේවවක් ඇති කිරීම කළ යුතු බවට තීන්දු කළා.

රටක ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ස්ථාවර සානයක් ජාතික ආරක්ෂාව තිබෙන්න ඕන. නීතිය  ශක්තිමත්ව තිබිය යුතුයි. මූල්‍ය ප්‍රතිපත්තියක්, විශ්වාසනීය වෙළඳපොළක අවශ්‍යතාවයක් තිබෙනවා. භාණ්ඩ හා සේවා ප්‍රවාහන අත්‍යාවශ්‍යයි. හොඳ ප්‍රවාහන පද්ධතියක් රටට අවශ්‍යයි.

අද අපගේ ජනගහනය තුන්ගුණයකට ආසන්නයි.අපගේ වාහන පද්ධතිය දහස් ගුණයකින් වැඩි වෙලා මිලියන 7කට වඩා මෝටර් රථ ප්‍රමාණයක් තිබෙනවා. මහමඟ ප්‍රවාහන තදබදය නිසා නාස්තිවන ධනය මිලියන 1000ක්
ආසන්න වශයෙන් විනාශ වෙනවා.

පොදු ප්‍රවාහන වෙනස් වෙලා, පෞද්ගලික වාහනවලින් මාර්ග තෙරපුමකට ලක්වෙලා, වාහන තදබදය ඇති වෙලා තිබෙනවා. පොදු ප්‍රවාහනය නවීකරණයට අතිවිශාල ධනස්කන්ධයක් වැය කොට තිබෙනවා.

කොළඹ නගරය සියයට 15%ක ඉඩම් ප්‍රමාණයක් මාර්ගවලට යටවෙලා.අපි වෙනස් උපය මාර්ගයකට යා යුතුයි  කියලා 2015 දී අලුත් මූලික සැලසුමක් ඇති කරන්න කටයුතු කළා මාර්ග ක්‍රියාදාමය වැඩි දියුණු කිරීම සඳහා.

අධිවේගී මාර්ග පද්ධතිය සකස් කෙරෙනවා. බත්තමුල්ලේ බහුවිධ ප්‍රවාහන පද්ධතියක් සකස් කෙරෙනවා. වෙනත් පළාත්වල මේ සබැදියාව ආරම්භ කෙරෙනවා. මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ආරම්භ වෙනවා.

නවීන බස් රථ සේවයක් ආරම්භ ආරම්භ කරනවා.මඟීන් ගෙන යන නවීන බස් රථ සේවාවක් අවශ්‍යයි. බස් සීග්‍රගාමී සේවාවක් ඇති කිරීමත් සැහැල්ලු දුම් රිය සේවවක් ඇති කිරීම කළ යුතු බවට තීන්දු කළා.

කිලෝ මීටර් 40 බස් ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දුන්නා. අන්තර්ජාලය මඟින් පාලනය වන සීඝ්‍රගාම් බස් රථ සේවයක අවශ්‍යතාවය තිබෙනවා. ”සහසර” නමින් නියමු ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළා.

එහි අද්දැකීම් පාදක කරගෙන මුළු රටේම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News