”විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා” සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share

විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

වසර 02 කට වරක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරන මෙම විශිෂ්ටතා සම්මාන උලෙළ මෙවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීම විශේෂ අවස්ථාවක් විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් යටතේ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සිදුකරන සේවය ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාත්මක සංස්කෘතියක් ඇතිකිරීම සහ දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවය උදෙසා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

Read more

Local News