පූජ්‍ය පක්ෂයට ඖෂධ මිල දී ගැනීමේ දී 5% ක වට්ටමක්

Share

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත අද (25) උපදෙස් ලබාදුන් බව වාර්තා වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී අද පෙරවරුවේ විවෘත කළ අතර, එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.

මේ වන විට ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් සියයට 5 ක වට්ටම් මුදලක් ලබාදෙයි.

Read more

Local News