20 වන සංශෝධනය ගෙන ඒමට ජවිපෙ දැඩි උත්සහයක

Share

ජනාධිපතිවරණය අහෝසි වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකට කිසිඳු අයුරකින් ඉඩ නොතැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ, 20වන සංශෝධනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ දැඩි උත්සහයක් ගන්නා බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සුදානමින් සිටින බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කළ පසු තම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ හෙළි කරන බව අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News