ට්‍රම්ප් ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන්න

Share

2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය රුසියාව හා කුමන්ත්‍රණයක නිරත නොවූ බව හෙළිවී තිබේ.

රොබට් මුලර් කමිටුව විසින් ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ මේ බව සඳහන්ව ඇත.

2016 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විමර්ශණ සිදු කිරීම සඳහා පිහිටුවූ රොබට් මුලර් විශේෂ කමිටු වාර්තාවේ සාරාංශයක් කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව කොංග්‍රසයට ඉදිරිපත් කරනු ලැබුවේ නීතිපති විලියම් බාර් විසින්.

ඊට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රුසියාව සම්බන්ධවී නැත.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය, රුසියාව හා සම්බන්ධවී හිලරි ක්ලින්ටන් පරාජය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් මුලර් කමිටුව වසර දෙකක පමණ කාලයක් විමර්ශණ සිදු කළේය.

එම විමර්ශන වලට ජනාධිපති ට්‍රම්ප් කිසි ලෙසකින්වත් බාධා නොකළ බවද නීතිපතිවරයා සඳහන් කර තිබේ.

මෙම වාර්තාව දේශපාලනික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලද විශාල ජයග්‍රහණයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙන්නේය.

Read more

Local News