දේශපාලඥයා අලෙවි භාණ්ඩයක් වි ඇති බව අනුර කියයි

Share

වර්තමානය වන විට රට ගොඩනැගීමට සමත් ‍ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට සමත් හොරකම දූෂණය නාස්තිය නතර කිරීමට සමත් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලයට ගෙන ආ යුතු බවත් ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයෙ (26) දඹුල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ දඹුල්ල ආසන බල මණ්ඩලය රැස්වීමෙදී මන්ත්‍රීවරයා මේ පැවසීය.

නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ආරම්භ කිරීම සඳහා රැස්ව සිටින ජනතාව සූදානම් දැයි තමන්ගේ පාක්ෂිකයන් ගෙන් විමසන බවද සඳහන් කළේය.

මේ වනවිට මාධ්‍ය ආයතන දේශපාලනය කිරීමට ආරම්භ කර තිබෙන බවත් එම නිසාම ජනතා විමුක්ති පෙරමුණේ ගමේ ඉන්න සහෝදර සහෝදරියන් රුපවාහිනී මාධ්‍ය ආයතන වල සංවාදවලදී දැඩි සතුටින් සිටින බවත් එහෙත් එමගින් කිසිදු ඵලක් නොමැති බව සඳහන් කළේය.

මේ වනවිට පක්ෂයේ පහල බොහෝ දෙනෙක් හති වැටී තිබෙන බවද එය නැති කළ යුතු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කවරදාකටත් වඩා දේශපාලඥ රටේ කිසිදු ආකාරයෙන් පිළිනොගන්නා පුද්ගලයකු බවට මේ වන විටත් පත්ව තිබෙන බව හොරකම් කරන විකිණෙන අලෙවි වන භාණ්ඩයක් බවට දේශපාලඥයා පත්ව තිබෙන බව සඳහන් කළේය.

එමෙන්ම විධායක ජනාධිපතිධූරයට මුවාවී බලපත්‍ර ලබාගෙන හිටපු ජනාධිපතිවරුන් වන  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු සොරකම්  කළ බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද හැකිනම් ජනමාධ්‍ය ආයතනයක් එම ප්‍රකාශය ප්‍රචාරය කරන්න යයි අභියෝගයක්ද කළේය. එසේ වුවහොත් තමන්ට ඒවා පෙන්වා දිය හැකි බවටද චෝදනා කළේය.

Read more

Local News