ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති හැකියාව මෙන්න

Share

තම ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (26) කොස්ගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ ප්‍රකාශ කිසිවක් අද වන විට වලංගු නොවන ඉටු කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද කියා සිටි ගුණවර්ධන මහතා, විදුලිය පවා නිසි ලෙස ලබා දීමට නොහැකි තත්ත්වයට රජය පත්ව ඇතැයි ද පැවසීය.

මහජනයාගේ අත්‍යාවශ්‍ය සේවාවක් ලබා නොදීම පිළිබඳව රජය වගකිව යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා අද වන විට ආණ්ඩුවට වැඩක් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කියා සිටියේය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් බඩු මිල මෙතරම් ඉහළ නොදමා විදුලියත් කෙසේ හෝ ලබා දීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවත් එහිදී තම බලවේගය පෙන්වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News