කාසල්රි, මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහලට – ඡායාරූප

Share

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.

අද(27) අලුයම වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහල බැස ඇති බවත්, දැනට එම ජලාශයේ තිබෙන ජල ධාරිතාවෙන් අඩි 9 දක්වා පමණක් විදුලි උත්පාදනය සදහා ජල ලබා ගත හැකි බවයි විදුලි බල මණ්ඩලය කියා සිටින්නේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 63 දක්වා පහල බැස ඇති අතර එම ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 5 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.

එම ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමගම එම ජලාශවල රොන්මඩ විශාල වශයෙන් තැන්පත් වි ඇති අයුරු දක්නට ලැබෙන අතර, එම ජලාශ ඉදි කිරිමේදි ජලාශ වලට යට වු නටබුන් රැසක් සහ දුපත් රැසක් මේ වන විට මතු වි ඇත.

මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ මේ වන විට මතු වි ඇති අතර එම හින්දු කොවිල තුළ වු දේව ප්‍රතිමාවට ප්‍රදේශවාසින් විසින් දිනපතා වැසි ප්‍රාර්ථනා කරමින් පුජාවන් පවත්වනු ලබයි.

එම හින්දු කොවිල 1917 වර්ෂයේදි ඉදි කර ඇති අතර එම කෝවිලේ අලංකාරය සහ පෞඪත්වය විදහා පෑම සදහා කෝවිල සම්පුර්ණයෙන්ම කළුගලෙන් ඉදි කර ගල් කැටයම් කිහිපයක් නිර්මාණ කර ඇත.

වසර 100 වඩා ඉපැරණි සම්මුගනාදන් ඝන දෙවි හින්දු කොවිලේ බිතු සිතුවම් තවදුරටත් ආරක්ෂිතව පවති.

Read more

Local News