අරුණි බාබා හා තෙල් චුටි අත්අඩංගුවට

Share

පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බන්ධනාගාරගතව සිටින කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳ හා එයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සමිත්පුර ප්‍රදේශයේ පදිංචි විජේසිංහ ආරච්චිගේ නිරෝෂණි (30)  හෙවත් අරුණි බාබා යන අය හා  වැල්ලම්පිටියේ පදිංචි සාලින්ද ධර්මසිරි (46)  හෙවත් තෙල් චුටි යන අයයි.

මොවුන් අත්අඩංගුවට ගන්නා විටත් හෙරෝයින් ග්‍රෑම් 3ක් හා රු.ලක්ෂ 10කට අධික මුදලක්ද සොයා ගෙන ඇත.

පොලිස් විශේෂ බලකාය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News