සා.පෙළ විභාගයේ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Share

2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල අද(28) දිනයේ අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා පැවසිය.

www.doenets.lk/exam/ යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන් ම සැම වසරකම නිශ්චිත දිනක දි විභාග ප්‍රතිඵල නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.

ඒ අනුව සැම වසරකම පහේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල ඔක්තොබර් මස 05 වන දිනටත්, අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වන දිනටත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වන දිනටත් ලබාදිමට පියවර ගෙන තිබේ.

Read more

Local News