අරලියග මන්දිරයට විදුලි ජනක යන්ත්‍ර මඟින් විදුලිය

Share

උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ඉල්ලීමක් කළේය.

අතවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලි බලය පාවිච්චි කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවක ම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව  නතර කර, රාජ්‍ය ආයතන සතු විදුලි ජනක යාන්ත්‍ර මඟින් විදුලිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ පරිශ්‍රයේ අද (28) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

විදුලි අර්බූදය සම්බන්ධව ගතයුතු පියවර සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මඟින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News