බෝම්බ ප්‍රහාරයකින් 16ක් ජීවිතක්ෂයට

Share

සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම එරට ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාරගෙන ඇත.

හෝටලයක් සහ ආපනශාලා පිහිටි ප්‍රදේශයක් අසළ මෙම මෝටර් රථ බෝම්බය පුපුරා ගොස් ඇති අතර ප්‍රහාරයෙන් ආපනශාලා දෙකක් සහ මෝටර් රථ කිහිපයක් විනාශ වී ඇත.

මෙම ප්‍රහාරය තමන් විසින් මෙහෙයවනු ලැබූ බව පවසමින් ඉස්ලාමීය අල්-ෂබාබ් සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බවයි මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News