“ළඟම පාසල – හොඳම පාසල“ විය යුතු බව ජනපති කියයි

Share

නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මඟින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇති බව ජනාධිපතිවරයා පවසයි.

“ළඟම පාසල – හොඳම පාසල“ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ දිවයිනේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමට බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව හතරඇළ සීවලි ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට අද (29) පෙරවරුවේ එක්වෙමින් ජනපතිවරයා මෙම අදහස් පළ කළේය.

විද්‍යාලයේ ගුරු නිවාසය සහ රංග ශාලාව ද මෙහිදී ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

අද දහවල් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන්  ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක්වෙමින් සිසුන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට එක් විය.

දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල ප්‍රදානය, අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකම් ලබාදීම ඇතුළු වැඩසටහන් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් සහ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “ළඟම පාසල-හොඳම පාසල“ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව, කදුරුවෙල නගර මහා විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේ ය. පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි සිසු කි්‍රයාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් විය.

දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල ප්‍රදානය, අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකම් ප්‍රදානය ඇතුළු වැඩසටහන් එහිදී ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉන් අනතුරුව පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්විය.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ විද්‍යාලයට මෙම අංගසම්පූර්ණ තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල ලබාදීමට පියවර ගෙන තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකට එක් විය.

එමෙන්ම එහි සංගීත ඒකකයේ සිසුන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට ද එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ ගීත ගායනයකට ද එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් තෝපාවැව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස තම අතීත අත්දැකීම් කිහිපයක් වත්මන් සිසු දරුවන් ඉදිරියේ සිහිපත් කිරීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනැඟීමට දණ්ඩනය අත්‍යාවශ්‍ය බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ද මරණීය දණ්ඩනය ලබාදීමට තමා තීරණය කළේ ඒ නිසා බවත්ය.

Read more

Local News