පදික වේදිකාවක් මත තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගැනේ

Share

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ-නුවර මාර්ගයේ පදික වේදිකාවක් මත තිබී ඊයේ(31) සවස නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් පමණ වු පිරිමි අයෙක් වන බව පොලීසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News