තුර්කි පළාත් පාලන මැතිවරණය නිම වෙයි

Share

තුර්කි පළාත් පාලන මැතිවරණය පසුගියදා නිමාවට පත් විය.

එය එරට වත්මන් ජනාධිපති රිචේප් තයිප් එර්දොගාන් සම්බන්ධ ජනමත විචාරණයක් ලෙස ජනතාව සළකන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුර්කි ජනාධිපති තයිප් එර්දොගාන්ගේ නායකත්වයෙන් යුතු පාලක යුක්තිය හා සංවර්ධන පක්ෂය පළාත් පාලන මැතිවරණවලදී තරමක පසුබෑමකට ලක්ව තිබේ.

එහිදී අපේක්ෂා කළ ආකාරයෙන්ම ඔවුන්ට අන්කාරා  අගනුවර බලය අහිමි වී ඇති අතර  එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් ජනතා පක්ෂය නියෝජනය කරමින් එහි පුරපති තනතුර සඳහා තරග වැදුණු  අපේක්ෂකයෙක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉස්තාන්බුල් නගරයේ බලය තවදුරටත් රැකගගැනීමට පාලක පක්ෂය සමත් වී ඇති නමුත් එයද සීමිත ඡන්ද ප්‍රමාණයකින් බව විදෙස් වාර්තා පවසයි.

2002 වසරේදී බලයට පත්වීමෙන් පසු තුර්කියේ පාලක පක්ෂය මුහුණදී සිටින බැරූරුම්ම  මැතිවරණය ද මෙය බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එය ඔවුන්  විසින් හඳුන්වනු ලැබුවේ ජනාධිපති  එර්දොගාන්  සම්බන්ධ ජනමත විචාරණයක් ලෙසයි.

රට තුළ ආර්ථික වශයෙන් පසුබෑමක් පවතින අවස්ථාවක මෙම මැතිවරණය පැවැත්වීම ඊට හේතුවයි.

උද්ධමනය 20%ක අගයට පත්ව ඇති වටපිටාවක ආර්ථික වශයෙන් රට අගාධයට ගමන් කිරීම සම්බන්ධයෙන් වත්මන් පාලනයට දොස් පැවරෙයි.

මේ අතර මෙවර මැතිවරණයේ නගරාධිපතිවරුන් සහ සභිකයන් පත්කර ගැනීම සඳහා මිලියන 57කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ලියාපදිංචිව සිටි බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News