වඳහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද මෙරටට

Share

වඳහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අප්‍රේල් මස 02 වනදා සිට 12 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත.

එ අනුව එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් අද(02) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ සිව් දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත් බවයි.

මෙරටට පැමිණෙන මෙම නියෝජිත කණ්ඩායම රජයේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසි වාරයකදී වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර තිබුණි.

Read more

Local News