බුදු දහම දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගෙන – සජිත්

Share

රටේ ජාතික න්‍යාය පත්‍රය හසුරවන්නේ පිටස්තර බලවේග බවට විවිධ පාර්ශවයන් ප්‍රකාශ කළද ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ජනාධිපතිවරයා පත්කිරීම තුළින් එම චෝදනාව බොරුවක් බවට සනාථ වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුන්ට උපදෙස් ලබා දීමට පෙර තමන් සුදුසු ගුණයේ සිටිය යුතු බව ධම්මපදයේ සඳහන් වන බව පැවසූ අමාත්‍යවරයා අද බොහෝ දේශපාලඥයින් දේශනා පවත්වමින් ජනතාවට උපදෙස් ලබා දෙන උපකාරක පන්ති පවත්වන නමුත් ජනතාව ඔවුන්ගේ දේශනාව දෙස නොව ඔවුන්ගේ ක්‍රියාව දෙස අවධානය යොමු කළ යුතු බවද මෙහිදි සඳහන් කළේය.

ආගම දහම කිසි විටක දේශපාලනයට සම්බන්ධ කර නොගෙන බුදු සසුන සුරක්ෂා කර ගැනීම අපගේ යුතුකම හා වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.

විරුද්ධවාදී කණ්ඩායම් තම පෞද්ගලික අභිමථාර්ත සාක්ෂාත් කර ගැනීම උදෙසා බුදු දහම දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 980 ක වියදමින් ඉදිකෙරෙන මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ “සිරි ශාක්‍ය පියස” නේවාසික විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (01) එක් වෙමිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අංග සම්පූර්ණ පහසුකම් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.

මෙම වසර අවසන් වීමට පෙර මෙම නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර සසුනට පූජා කිරීමට නියමිතය.

Read more

Local News