චීනයේ ලැව්ගිනි නිවූ ගිනි නිවන භටයින්ගේ මියගිය සංඛ්‍යාව ඉහළට

Share

චීනයේ සිචුආන් ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටියදී මියගිය ගිනි නිවන භටයින්ගේ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ සිට ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 700 කගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අනුයුක්ත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් සීඝ්‍රයෙන් පැතිර ගිය ලැව්ගිනි අතරට මැදිවූ ඉන් පිරිසක් අනතුරට ලක්ව ඇති අතර මේ වන විට ගින නිවන භටයින් 30 දෙනෙකු මියගොස් ඇති බවට චීන බලධාරීන් තහවුරු කර තිබේ.

ගින්නෙන් වෙනත් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර පුද්ගලයින් 9000 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

Read more

Local News