රුපියල ඉහළට

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල අද (02) දින රු. 172.8204 ක් ලෙසින් සටහන් විය.

2018 නොවැම්බර් 12 න් පසු ඩොලරයේ ගැණුම් මිල රු. 173 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර අද (02) දින ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රු. 176.6648 ක් වශයෙනි.

මීට පෙර අවසාන වතාවට ඩොලරයේ විකුණුම් මිල රු. 177 ට පහළින් වාර්තා වූයේ ද 2018 නොවැම්බර් 12 දිනයේ දීය.

Read more

Local News