රජය විසින් අසීමිත මුදලක් වැය කරපු දෙයක් මෙන්න

Share

ශ්‍රි ලංකාව තුල බොදු පුනරුදයක් ඇති කිරිම වෙනුවෙන් වර්තමාන රජය විසින් අසීමිත මුදලක් ලබා දී තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම කපුරැක්ක පුරාණ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය බුදු සසුනට පුජා කිරිමේ පුණ්‍යමහෝත්සවය අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

කපුරැක්ක පුරාණ මහා විහාරයේ විහාරාධිපති සහ පින්නවල ජාතික පාසලේ ආචාර්ය පූජ්‍යපාද හකුරුගම්මන සුසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි හෙම්මාතගම සමග්ගෝදය විද්‍යායතන පිරිවෙන සහ දායක සභාව මගින් මෙම පුණ්‍යමහෝත්සවය සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවට ගෞරවනීය මහාසංඝරත්නය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.

Read more

Local News