ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න විකල්ප ක්‍රමවේදයක් අවශ්‍යයි

Share

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නේ නම් ඊට විකල්ප ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කෙසේ වෙතත් ශිෂ්‍යත්වය අහෝසි කිරීම ඉතා යෝග්‍ය බවත්, ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සාමාන්‍ය ගම්වල සිටින දරුවන්ට ඉදිරියට පැමිණිය හැකි ක්‍රමවේදයක් හැදීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර, 20 යි 20 දීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක්ම හදන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරණයට ලොකු පෙරමුණකින් ඉදිරිපත් වන බවයි.

මෙය පුළුල් පෙරමුණක් වන බවත් එය දිනන පෙරමුණක් බවත් පැවසු අමාත්‍යවරයා,  ඉදිරි වසර 10ම ආණ්ඩු කරන්නේ අපි තමයි යනුවෙන් ද පැවසීය.

Read more

Local News