අයවැය හරහා හැකියාවක් ලැබී තිබෙනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න – අමාත්‍ය පාඨලී චම්පික

Share

මහා නගර හා බස්නහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින පැවැත්වෙන විවාදයට සහභාගී විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

අයවැය හරහා කිසියම් දුරකට හැකියාවක් ලැබී තිබෙනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න, ප්‍රාථමික ශේෂය ධනාත්මක එකක් බවට පත් කර ගන්න හැකි වී තිබෙනවා. 2014 මුළු බදු ආදායම බිලියන 1050යි යෝජිත බදු ආදායම බිලියන 2034යි. රාජ්‍ය බදු ආදායම දෙගුන වීම විශිෂ්ඨ ළඟා කර ගැනීමක්. ඉතිහාසයේ ප්‍රථමවරට පහළට ගිය බදු ආදායම ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව.

බදු සහන නිසා බදු ආදායම අපිට අහිමි වුණා. බදු ආදායම ශක්තිමත් කරගැනීමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. අපේ ඉලක්කය 2020 වනවිට සෘජු හා වක්‍ර බදු ආදායම, අනුක්‍රමයෙන් අනුපාතය ළඟාකරගැනීමට කටයුතු කරයි කියලා. සාමාන්‍ය ජනයා වෙනුවට ඇති හැකි අය බදු ගෙවිය යුතුයි කියන ප්‍රතිපත්තිය ඕන. ණය ගෙවීම සඳහා බිලියන 1150ක් සමස්ථය බිලියන 1970ක් ණය ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න යන මුදල ඉතාම විශාල අගයක්. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබන වසරේ ණය ගෙවන්න වැය කරනවා. ඉන් රුපියල් 84,000ක්ම රාජපක්ෂ පාලනයේ ගත් ණය නිසා ගෙවන්න තියෙන ණයයි. එදා තෙල් මිල අඩු කරගන්න බැරි වුණා. සංවර්ධනය සඳහා මේ රජය ගත් ණය නොවේ. එදා ගත් ණයයි.

මේක ඓතිහාසික තත්ත්වයක්. මේක රජයක් හැටියට බලගතු දේශපාලන ප්‍රශ්න පැන නගින තත්වයක්. ණය ගෙවීම පැත්තෙන් මේ ආණ්ඩුව ඇදගෙන යන්නේ ඉතිහාසයේ තිබෙන දුෂ්කර තත්ත්වයක්. අපට කියවෙන පාඩම අප ආදායම් උපදවා නොගන්නා ආයෝජන සඳහා වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව කියන එකයි. වරාය වලට නැව් නැ. ගුවන් පථය තියෙන්නේ මත්තලයි. එකේ ඉන්නේ මොනරු. කටුනායක තවත් ගුවන් පථයක් ඉදිකළා නම් ගුවන්කේන්ද්‍රයක් බවට පරිවර්තය කරන්න හැකිවෙනවා. එදා  සිදු කළ වැඩෙන් අද ගුවන් සේවය ජාතික ඛේදවාචකයක් වී තිබෙනවා. අපි මේ ක්‍රියාවලිය ගැන බලන්න ඕන. ඇයි මත්තලට ගියේ කියලා. ඇයි වරාය හම්බන්තොටට ගියේ කියලා. පැරණි ණය කියන කාරණය අත් හැරියාම දැන් ආර්ථිකය සමබරව ක්‍රියාත්මකයි කියන එකයි. ප්‍රාථම ඉලක්ක ධනාත්මක කිරීම මේ රජය ආරම්භ කර තිබෙනවා. රජය ණය හංගන්නේ නෑ. තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News