සමාජයේ කථිකාවක් නොමැතිවීම නිසා වෙන දෙයක් ගැන හරීන් කියයි

Share

වන විනාශයන් පිලිබඳව සමාජයේ කථිකාවක් නොමැතිවීම හේතුවෙන් මෙලෙස වන විනාශයන් සිදුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය මගින් සංවිධානය කළ APRIL COOL හරිත ව්‍යාපෘතිය විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රෙය්දී පැවැත් විය.

සමාජ මාධ්‍ය භාවිතා කළ යුත්තේ තව කෙනෙකුට අපහස කිරිමට හෝ තවත් කෙනෙකුගේ වැරදි දකිමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට නෙවන බව ද අමාත්‍යවරයා පවසයි.

සමාජ මාධ්‍ය භාවිතා කළ යුත්තේ යහපත් ලෙස සමාජයේ වෙනසක් ඇති කිරිමට බව අමාත්‍යවරයා එහිදි පැහැදිලි කළ අතර , සමාජයේ වෙනසක් ඇති කිරිම සඳහා සමාජ මාධ්‍යයන් ඔස්සේ ක්‍රියා මාර්ග ආරම්භ කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News