ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය

Share

ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය පසුගිය ඉරිදා සිට මහජනතාවට විවෘත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉන්දියාවේ ශ්‍රී නගර්හි පිහිටා තිබෙන ඉන්දිරා ගාන්දි අනුස්මරණ ටියුලිප් උද්‍යානය මෙයයි.

වර්ග 51කට අයත් ටියුලිප් මල් මේ වසරේදී එහි පැමිණෙන සංචාරකයන්ට දැක බලාගත හැකියි.

උද්‍යානය විවෘත කළ දිනයේ සිටම රටේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිසක් එහි පැමිණෙමින් සිටින බවද වාර්තා වෙයි.

ටියුලිප් මල් සති තුනත් හතරත් අතර කාලයක් මිලින නොවී පැවතියත් තද වැසි හෝ අධික උණුසුමේ බලපෑමෙන් එම කාලසීමාව අඩුවිය හැකි බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Read more

Local News