අයවැය ගැන රාධා ක්‍රිෂ්ණන් කියන දේ මෙන්න

Share

වත්මන් රජයේ අයවැය පරාජය කරන බවට එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මාධ්‍යය මගින් පැවසුවද අයවැය වැඩි ජන්ද 49 කින් සම්මත කර ගැනිමට හැකි වු බව විශේෂ සංවර්ධන අමාත්‍ය්‍ය වි.රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා එ බව කියා සිටියේ  ගම්පොල කලාප අධ්‍යාපන කාර්යයාලට යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් දමිල මහ විද්‍යාලයේ ගොඩනැගිලි පහක් , ගුරු නිවාසයක් සහ ආරක්ෂක පැති බැම්ම අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් මිලියන 40 ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කර ඊයේ (06) සිසු අයිතියට පත් කිරිමෙන් පසු පැවති උත්සවයේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු වි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන් රජයට තව වසරක කාලයක් තිබෙන බවත්, එම කාලයේදි රටේ තවත් සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කිරිමට නියමිත බවයි.

ගත වු සිව්වසර තුල වත්මන් රජය රටේ සැලකිය යුතු සංවර්ධනයක් සිදු කළ බවද වි.රාධාක්‍රිෂ්නණ් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News