අලුත් සහල් කිරි ආහාර පූජාව ජනපති ප්‍රධානත්වයෙන් රුවන්වැලි සෑ රදුන් අභියස

Share

අලුත් සහල් කිරි ආහාර පූජාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියස දී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම, ගල්නෑව, නොච්චියාගම, මීගලෑව, තලාව, මහඉලුප්පල්ලම යන ප්‍රදේශවල අක්කර හැට පන්දහසක භූමියෙන් නෙළන ලද අස්වැන්නේ නැවුම් කොටස රුවන්වැලි සෑ රඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදු විය.

ගොවි ජනතාව සමඟ එම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් වෙත කිරි ආහාර පූජා කරමින් ආගමික වතාවත්වල නිතර විය.

රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

Read more

Local News