පිළිකා ඖෂධ තවත් අඩු මිලට

Share

පිළිකා ඖෂධ නිෂ්පාධිත සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, වැඩි මිලට විකුණන ලද පිළිකා ඖෂධ කඩිනමින් මිල අඩු කිරීමටත්, සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වෙයි.

තවද එම සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව නඩු පැවැරීම පිළිබදව ද කණගාටුව පළ කර ඇත.

ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන “Roche” ආයතනයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව දැනුම් දී ඇත.

එම සමාගමේ මධ්‍යම නැගෙනහිර යුරෝපීය, තුර්කි, රුසියානු, ඉන්දියානු උප මහද්වීප කළාපයේ ප්‍රධානියා වන Adriano treve මහතා සහ බවර් සමාගමේ ඡ්‍යෙෂ්ඨ නියෝජිත වෛද්‍ය Toylan senel මහතා මෙම සාකච්ඡාවට සහභාගි විය.

එහිදී පුද්ගල කේන්ද්‍රීය ජාන ප්‍රතිකාර ක්‍රම පිළිබදව, පිළිකා ඖෂධ පිළිබඳව ගුණාත්මක වර්ධනයක් ඇති කිරිම පිළිබඳව සාකච්ඡා කරන ලදි. තරඟකාරි මිල ගණන් යටතේ ඖෂධ ලබාදීමටත් හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාදීමටත් එම නියෝජිතයින් එකග වී ඇත.

පුද්ගල කේන්ද්‍රීය පිළිකා ප්‍රතිකාර ක්‍රම සිදු කිරිම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. ඒ සදහා දියුණු රටවල ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම මෙරටට හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සුදානමින් සිටි.

මෙම සමාගම විසින් 2015 වසරට පෙර පියයුරු පිළිකා ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අලෙවි කර තිබුනේ රුපියල් දෙලක්ෂ අසූපන්දහසකටයි. ඉන් පසු ආදේශයකයක් ලෙස රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධයක් හදුන්වා දුන් අතර, ඊට එරෙහිව මෙම සමාගම නඩු පවරන ලදි.

එම නඩුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජයගන්නා ලදි. ඉන් පසු මෙම සමාගම රුපියල් ලක්ෂ පහහමාරක වටිනාකමකින් යුත් පිළිකා ඖෂධයක් හදුන්වා දුන් අතර, එම ඖෂධය ද මිල දී ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා තහනම් කරන ලදි. ඊට හේතු වූයේ එම ඖෂධ ගුණයෙන්ම යුත් තවත් ඖෂධ ලෝක වෙළෙද පොලේ අලෙවි කිරීම සහ අඩු මිලට පිළිකා රෝගීන්ට ඖෂධ ලබාදීමේ අරමුණිනි.

Read more

Local News