ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(10) සිදුකිරීමට නියමිතයි.

ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 08 වනදා උදෑසන අභාවප්‍රාප්ත විය.

එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත ගායන ශිල්පීනි මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාණන් ද වෙයි.

එච්.එම්.ජයවර්ධන මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.

මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තබා ඇති අතර අද පස්වරු 06.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේය.

Read more

Local News