ජනතාව ලැබු භාග්‍යක් ගැන ජනපති කියයි

Share

2018 -2019 මාස්කන්නයේ වැඩිම වී අස්වැන්නක් ලැබීම ජනතාව ලැබු භාග්‍යක් බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යයට අද(10) පෙරවරුවේ  එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.‍

මොරගහකන්ද-කළුගඟ මහා වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පවසයි.

අපගේ සංස්කෘතිය සහ ගොවිතැන අතර පවත්නා චිරාගත ඥාතීත්වය පිළිඹිඹු කරන අලූත් සහල් මංගල්‍ය චාරිත‍්‍රය පොළොන්නරුවේ ගොවි ජනතාව ද අද උත්කර්ෂවත් අන්දමින් ඉටු කළහ.

අලූත් සහල් මංගල්‍යය චාරිත‍්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල්විහාර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.

අනතුරු ව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වනුවෙන් එදා සිටම කැපවීමේන් කටයුතු කළ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ව රටේ කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේත් යහපත වෙනුවෙන් ගතයුතු සෑම තීන්දු තීරණයක්ම ගැනීමට නොපැකිළිව කටයුතු කළ බවයි.

Read more

Local News