අද සිට රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් සීරුවෙන්

Share

අලූ‍ත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා අද(11) සිට දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ලබන 20 වනදා දක්වා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවත් එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ අවුරුදු සමයේ 10 වැනි දින සිට 20 වැනි දින දක්වා දින දහයක කාලය තුළ සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයන් 135 දෙනෙක් මියගොස් තවත් 750 දෙනෙක් තුවාල ලබා තිබේ.

මෙම සංඛ්‍යාලේඛන අනුව දින 10 ක කාලය තුළ එක් දිනකට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් 75 දෙනකු තුවාල ලබා සිටින බවයි රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සඳහා බීමතින් රිය ධාවනය කිරීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

Read more

Local News